spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස දෙකකින් රට ගැන තීන්දුවක්

විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රටේ සියලුම ජනතාවට සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

රට හැමදාම වසාගෙන සිටීමට හැකියාවක් නැතැයි කී ශවේන්ද්‍ර සිල්වා මහතා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන රට විවෘත කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට නිතර උපදෙස් ලබාදෙන බවද පැවසුවා.

එසේම විදේශිකයන් සඳහා රට විවෘත කිරීමටද සාකච්ඡා අරඹා ඇති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

කොරෝනා එන්නත් දෙකම ලබාගෙන පැමිණෙන විදේශිකයන්ට පී.සී.ආර් පරීක්ෂණයකින් පසු මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදිය හැකි වනු ඇතැයිද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇතැයි පැවසූ ඒ මහතා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදෙන බවද ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?