මාස දෙකක් වයසැති තම බිළින්දා එල්ලා මරන්නට ගිය පියා

පවුල් ආරාවුලක් දුරදිග යාමෙන් මාස දෙකක් වයසැති තම සිගිති දරුවා එල්ලා මැරීමට උත්සාහ කළ රංසෑගොඩ බෙරලිය අතුර ප්‍රදේශයේ පදිංචි පියෙකු අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේදී ඇතිකර ගත් පවුල් ආරාවුලක් මත ඔහුගේ නැන්දම්මාට පහර දීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නයි නැන්දම්මාට පවසන ලෙස බිරිදට බල කර ඇතත් බිරිද එය ඉටු කිරීමට කටයුතු නොකිරීම නිසා කෝපයට පත් සැකකරු මාස දෙකක් වයසැති සිය සිගිති දරුවා නිවස පිටුපස ඇති දොඩම් ගසක එල්ලා සැකකරුද එල්ලී සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී බිරිද විසින් දරුවා බේරාගෙන තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලීසිය නිවස පිටුපස පිහිටි කැලෑ රොදක සැගවී සිටි සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු බන්ධනාගාරගත කළ බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16