spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කළ පියා පොලිස් අත්අඩංගුවට

මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කිරිම සම්බන්ධයෙන් පියෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල, කලේගාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ බීමතින් පැමිණ තම මාස 10ක බිළිඳිය සුරතල් කිරිමට බව පවසා විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසේ කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත්තේ.

බිළිඳිය නොනවත්වා හඬන්නට පටන් ගැනීමත් සමඟ බිළිඳියගේ මව අසල්වැසි කාන්තාවකටද පවසා ඇයව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගෙනගොස් තිබෙනවා.

එහිදි බිළිඳිය පරික්ෂා කිරීමේ දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බවට වෛද්‍යවරයාට නිරීක්ෂණය වීමත් සමඟ ඇයව රෝහල් ගත කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ, අනුව බිළිඳිය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී බිළිඳිය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ බිළිදිය දූෂණයට ලක්ව ඇති බවයි.

බිළිඳියගේ මවගේ නිත්‍යනුකුල සැමියා ඔවුන් හැරගොස් සිටින අතර, ඇය සැකකාර පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස අනියම් සැමියාට දාව මව විසින් මෙම බිළිඳිය බිහිකර ඇති බවයි පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?