මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කළ පියා පොලිස් අත්අඩංගුවට

මාස දහයක් වයසැති සිය බිළිඳිය දූෂණය කිරිම සම්බන්ධයෙන් පියෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල, කලේගාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ බීමතින් පැමිණ තම මාස 10ක බිළිඳිය සුරතල් කිරිමට බව පවසා විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසේ කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇත්තේ.

බිළිඳිය නොනවත්වා හඬන්නට පටන් ගැනීමත් සමඟ බිළිඳියගේ මව අසල්වැසි කාන්තාවකටද පවසා ඇයව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගෙනගොස් තිබෙනවා.

එහිදි බිළිඳිය පරික්ෂා කිරීමේ දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බවට වෛද්‍යවරයාට නිරීක්ෂණය වීමත් සමඟ ඇයව රෝහල් ගත කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ, අනුව බිළිඳිය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී බිළිඳිය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ බිළිදිය දූෂණයට ලක්ව ඇති බවයි.

බිළිඳියගේ මවගේ නිත්‍යනුකුල සැමියා ඔවුන් හැරගොස් සිටින අතර, ඇය සැකකාර පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස අනියම් සැමියාට දාව මව විසින් මෙම බිළිඳිය බිහිකර ඇති බවයි පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26