spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාස තුනේ දියණිය සහ පියා දුම්රිය හරස් මඟේ අවසන් ගමන් යයි (ඡායාරූප)

යාපනය, ඉනුවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන්ගත් වයස අවුරුදු 32ක පුද්ගලයෙක් සහ ඔහුගේ මාස තුනක් වන දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

අනුරාධපුරය සිට කන්කසන්තුරය බලා ධාවනය වූ දුම්රියේ අදාළ වෑන් රථය ගැටී ඇති අතර, අනතුරෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දුම්රිය හරස් මාර්ගයේ ආරක්‍ෂිත දුම්රිය ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී වෑන් රථය ඒ හරහා ගමන් කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

Train Accident 3
Train Accident 1
ww 1
Train Accident 4
Train Accident 3
Train Accident 5
Train Accident 2
Train Accident 6
ww 4
Train Accident 7

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
13
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?