මේ වසරේ පළමු මාස තුන තුළ සංචාරකයන්ගේ පැමිණීම 335,679ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසනවා.
එය ඉකුත් වසරේ සංචාරක පැමිණීමට වඩා 125, 495ක වැඩිවීමක් බව එම අධිකාරිය පැවසුවා
ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන්නේ රුසියාවෙන් වන අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් වලින්ද වැඩි සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.













