මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනයට අවසර

මාසිකව බිත්තර මිලියන 30ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳ, කෘෂිකර්ම සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය වුවහොත් මාසයකට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කිරීමේ හැකියාව පවතින බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් විශාල ප්‍රමාණවලින් බිත්තර ආනයනය කිරීමට උනන්දු නොවන අතර දේශීය නිෂ්පාදකයින් ප්‍රමාණවත් බිත්තර, හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමට ඇති හැකියාව සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට විකිණීමට ඇති කැමැත්ත මත ආනයනය කෙරෙන සංඛ්‍යාව රඳා පවතිනු ඇති බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10ක් කොළඹට පැමිණ තිබෙනවා.

ඒ අනුව බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමෙන් පසු මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 3ක් මෙරටට රැගෙන විත් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03