මාසයකදී ගැහැණු ළමුන් 168ක් අපයෝජනයට ලක්වෙයි – රිය අනතුරුවලින් ළමයින් 115ක් ජීවිතක්ෂයට

මාසයක කාලයක් තුළ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 168 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අනාවරණය කරනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ පසුගිය සැප්තැම්බර් පළමුවනදා සිට 30 වනදා දක්වා කාලය තුළ අදාළ අපයෝජන සිදුවීම් වාර්තා වී ඇති බවයි.

මෙම පිරිස අතරින් ගැහැණු ළමුන් 22 දෙනෙකු ගැබිනියන් බවට වාර්තා වන බවයි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

මාසයක් ඇතුළත ළමුන් 168කට ආසන්න ලිංගික අපයෝජන වාර්තා වීමෙන් රට අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්නුම් කෙරෙන බව ද ඇය සඳහන් කරනවා. ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය සියලුම පොලිස් ස්ථානවලින් ඉල්ලා සිටි අතර ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් ද ඉල්ලා සිටියේ.

මෙම සිදුවීම්වලින් බොහෝමයක් ළමුන් ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ළඟම ඥාතියෙකු හෝ ඔවුන්ගේම නිවසේ සිටින අයකු විසින් බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා. ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කළා.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ රිය අනතුරුවලින් අවම වශයෙන් පාසල් සිසුන් 115 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් රථවාහන අංශය වාර්තා කරනවා.

පොලිස් රථවාහන අංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල බදාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අපරික්ෂාකාරී රිය පැදවීමේ සිද්ධීන් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.

පොලිස් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 6 දෙනෙකු මිය යන බවත් පැය හතරකට වරක් එක් මරණයක් වාර්තා වන බවත් සඳහන්. එම අනතුරුවලින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනෙකු වාර්තා වන අතර තවත් අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන බවත් ඔහු පෙන්වා දෙනවා.

2020 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයින් 2363 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රකාශ කළ සහකාර පොලිස් අධිකාරී රණගල මහතා පැවසුවේ 2021 වසරේ පුද්ගලයින් 2513 දෙනෙකු මියගොස් ඇති බවයි.

2022 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයින් 2515 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම කාලය තුළ රිය අනතුරු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඔහු කියාසිටියේ.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 150ක් වාර්තා වී ඇතැයි ඔහු අනාවරණය කළා.

වාර්තා වන මරණවලින් 10%කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් බවයි සහකාර පොලිස් අධිකාරී රණගල මහතා වැඩිදුරටත් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01