මාව අතින් අල්ලා තද කලා,එතන ලයිට් නිමලා – පාදුක්ක පොලිසියේදී සිදුවූ නොමනා දේ

ලිංගික අතවර කිරීමක් ගැන පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි බාලවයස්කාර දැරියකට පොලිස් ස්ථානය තුළදීම අතවර කළැයි කියන කොස්තාපල්වරයකු ගාල්ල නෙළුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර සිටින 50 හැවිරිදි කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියට මුහුණදුන් බාලවයස්කාරිය 21 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පෙම්වතාගෙන් අතවරයක් සිදුවී ඇති බවට දෙමාපියන්ට අනාවරණය වීමෙන් පසු පෙරේදා (29 වැනිදා) නෙළුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව විමර්ශන සඳහා ඇයගේ මව සමග පෙරේදා (29 වැනිදා) රාත්‍රියේ පොලිසියේ ගත කරන ලෙස උපදෙස් ලැබී ඇත. ඒ අනුව ඊයේ (30 වැනිදා) උදෑසන සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා මව සහ බාලවයස්කාරිය රැඳී සිටි කාමරයට ගොස් මවට කාමරයෙන් පිටතට යන ලෙස දැනුම් දී තිබේ. ඉන් සුළු වේලාවකට පසු බාලවයස්කාරියගේ විරෝධය මධ්‍යයේ පොලිස් කොස්තාපල්වරයා ඇයට අතවර කිරීමට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේදී දැරියගේ මව ඒ දැක උදව් ඉල්ලා කෑගසා ඇත. පසුව පැමිණි පොලිස් පරීක්ෂකවරයකු සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත් නෙළුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.ඒ.ඒ. මාරසිංහ පැවැසීය. මෙම සැකකාර කොස්තාපල්වරයාද විස්එක් හැවිරිදි දරුවකු සිටින පියෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53