මාවනැල්ල, අරණායක සහ කෑගල්ලට කසිප්පු ඩිලිවරි සර්විස් එකක් – පැමිණිලි කළත් පොලිසිය නිහඬයි

නීති විරෝධී මත්පැන් බෙදාහරින ජංගම සේවයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු පිළිබඳ තොරතුරක් අරණායක, දීවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා මාවනැල්ල, අරණායක, කෑගල්ල යන පොලිස් කොට්ඨාස තුනකට අයත් ප්‍රදේශ කිහිපයකම මෙම නීති විරෝධී මත්පැන් බෙදාහරින බවයි වාර්තා වන්නේ.

දීර්ඝ කාලයක සිට මෙම පුද්ගලයා මෙම ජාවාරම සිදුකරගෙන යන අතර, ඔහුගෙන් නීති විරෝධී මත්පැන් මිල දී ගැනීමට දීවෙල, ගලතර ,පාට්ටගම ,ලෙවුකෙ, පදීදොර, කාරියගම ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ලෝලීන් සවස් කාලයේ ඔහු පැමිණෙන තුරු මාර්ග අසල රැඳී සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

නීති විරෝධී මත්පැන් මත්පැන් නිෂ්පාදකයින්ගෙන් මත්පැන් ලබගන්නා මෙම ජාවාරම්කරු ඒවාට විවිධ රසායනික ද්‍රව්‍ය එක්කර ඒවායේ සැර සහ සාන්ද්‍රණය වැඩි කිරීමට ද කටයුතු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.

එලෙස සැර සහ සාන්ද්‍රණය වෙනස්කරන නීති විරෝධී මත්පැන් කාල සහ භාග ලෙස පැකට් කර රුපියල් 200 සහ 400 යන මිල ගණන්වලට යතුරුපැදියකින් මත්ලෝලීන් අසලටම ගොස් බෙදාහරින බව සඳහන්.

දීර්ඝ කාලයක සිට සිදුකරනගෙන යන මෙම ජංගම මත්පැන් බෙදාහැරීමේ ජාවාරම පිළිබඳව ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයක දී පොලිසිය දැනුම්වත් කළ ද තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

යතුරුපැදියක නැගී නිදහසේ පොලිස් කොට්ඨාස තුනකට අයත් ප්‍රදේශ කිහිපයක නීති විරෝධී මත්පැන් බෙදාහැරීමේ ජංගම සේවය සිදුකරන මෙම ජාවාරම්කරු පිළිබඳව තවමත් පොලිසියේ අවදානය යොමු නොවීම විමතියට කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51