“මාල හොරා” අත් අඩංගුවට

ප්‍රදේශ රැසක දී කාන්තාවන්ගේ රන් මාල සොරකම් කළ පුද්ගලයෙකුව මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (19) සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුව ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු  කොල්ලකෑම් සඳහා යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු 32 හැවිරිදි බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් කිරිබත්ගොඩ සහ රාගම දී කාන්තාවන් දෙදෙනෙකුගෙන් රන් මාල සොරකම් කර ඇති බවය.

එ් අනුව සැකකරු විසින් සොරකම් කළ එම දේපළ සොයාගත් බව පොලීසිය පවසයි.

තවද මුල්ලේරියාව ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ රන්මාල සොරකම් කිරීිම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු 2ක් විභාග වෙමින් පවති.

සැකකරු අද (20) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01