spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මාල හොරා” අත් අඩංගුවට

ප්‍රදේශ රැසක දී කාන්තාවන්ගේ රන් මාල සොරකම් කළ පුද්ගලයෙකුව මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (19) සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුව ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු  කොල්ලකෑම් සඳහා යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු 32 හැවිරිදි බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් කිරිබත්ගොඩ සහ රාගම දී කාන්තාවන් දෙදෙනෙකුගෙන් රන් මාල සොරකම් කර ඇති බවය.

එ් අනුව සැකකරු විසින් සොරකම් කළ එම දේපළ සොයාගත් බව පොලීසිය පවසයි.

තවද මුල්ලේරියාව ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ රන්මාල සොරකම් කිරීිම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු 2ක් විභාග වෙමින් පවති.

සැකකරු අද (20) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?