මාලි රාජ්‍යයේ ආරක්ෂක ඇමති මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

මාලි රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් සාඩියෝ කමාරා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

බමාකෝ අගනුවර අසල ඔහුගේ නිවසට එල්ල වූ මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බායි විදෙස් වාර්තා සදහන් කළේ.

මාලි රාජ්‍ය තුළ ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් සහ බෙදුම්වාදීන් විසින් රට පුරා සිදු කරන ලද සම්බන්ධීකරණ ප්‍රහාර රැල්ලක කොටසක් ලෙස සාඩියෝ කමාරාගේ නිවසට ද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පැවසුවේ සෙනසුරාදා කාටි හි අල්-කයිඩා සමඟ අනුබද්ධ සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාරයෙන් කැමාරාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද මිය ගොස් ඇති බවයි.

කමාරාගේ දෙවන බිරිඳ සහ ඔහුගේ මුණුබුරන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සාඩියෝ කමාරා පාලක හමුදා නායකත්වය තුළ වඩාත්ම බලගතු චරිතයක් වූ අතර, සමහරුන් විසින් මාලි හි අනාගත නායකයෙකු ලෙස ද ඔහුව සලකනු ලැබුවා.

අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමට අනුබද්ධ කණ්ඩායම් සහ තවත් සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් එල්ල කරනු ලබන කැරළිවලින් වසර ගණනාවක සිට මාලි රාජ්‍යය පීඩා විඳිමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14