මාලිමා මන්ත්‍රීවරයෙකුට අයත් වාහනයක ගැටී අයෙක් මරුට – සහෝදරයාට මාංචු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් වාහනයක් ඔහුගේ සහෝදරයා විසින් ධාවනය කිරීමේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (14) පෙරවරුවේ මෙම මාරක අනතුර සිදු ව ඇත්තේ වෙන්නපුව, නාත්තණ්ඩිය – දංකොටුව මාර්ගයේ හාල්දඩුවන ප්‍රදේශයේ දීයි. 

අදාළ වාහනය පැදවූ මන්ත්‍රීවරයාගේ සහෝදරයාව කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම වාහනය පුත්තලම දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතාගේ රථය බවටයි තහවුරු වී ඇත්තේ.

එම වාහනය තුළ මන්ත්‍රීවරයා සිට ඇති අතර හෙතෙම අද පෙරවරුවේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරයට එක් වීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු ව ඇති බවට වාර්තා වනවා.

මෝටර් රථයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ වෙන්නප්පුව – පතහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රතුගමගේ ප්‍රැන්සිස් ගාමිණී නමැති 65 හැවිරිදි අයෙක්.

මන්ත්‍රීවරයාගේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ සිය සහෝදරයාට නින්ද යාම අනතුරට හේතුව
බව පොලිසිය පවසනවා.

අනතුරින් පසුව මන්ත්‍රීවරයා ව වෙනත් රථයක නංවා පාර්ලිමේන්තුව වෙත පිටත් කර හැර ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01