spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මාලිමාවේ විරෝධය අතර තුර තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට” – ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගයේ ඊයේ සංවිධානය කළ විරෝධතාව අතර තුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කොළඹ දී අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.

නිව්තිගල ප්‍රදේශයේ නිමල් අමරසිරි නමැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මියගිය පුද්ගලයා ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බවයි වාර්තා වන්නේ.

මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ කොළඹ නගරයේ ඊයේ (26) සංවිධානය කර තිබූ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

එහිදී තුවාල ලැබූ විරෝධතාකරුවන් 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගත්තේ.

එලෙස රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව පත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?