මාලිමාවේ ආර්ථිකය ප්‍රතිපත්තිය ගැන ජනපති රනිල්ට ප්‍රශ්නයක්

අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ආනයන ආර්ථිකයක් ද, අපනයන ආර්ථිකයක් ද කියා තමා විමසා දින 03ක් ගත වුව ද තමාට කිසිදු පිළිතුරක් ලැබි නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ ඊයේ (13) පස්වරුවේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය ආරක්ෂා කරන වැඩපිළිවෙළ ජාතික ජන බලවේගය රටට ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

තමා සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කරනවා සේම මාලිමාව ද සංඛ්‍ය දත්ත සහිතව තම අය වැය පිළිබඳ ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සජිත් නොමිලේ ලබාදෙන බව පවසන දේට ගෙවිය හැක්කේ ඇමරිකන් රජයට පමණක් බව ද සඳහන් කළා.

ඉටු කළ නොහැකි පොරොන්දු මාලිමාව විසින් ජනතාවට ලබාදෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ අය වැය රටේ ආර්ථිකය නැවත කඩා දමන අයවැයක් බවයි පැවසුවේ.

එමෙන්ම ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබෙන සහාය නැති වී යන බවත්, එවිට නැවත ඩොලරය රුපියල් 500ක් දක්වා ඉහළ ගොස් ජනතාවගේ ජීවන බර වැඩිවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14