මාලිනිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද ශෝකය පළකරයි

ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ශෝකය පළකර තිබෙනවා.

ඒ, සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

මාලිනී ෆොන්සේකාගේ අභාවය අසා තමන් මහත් සංවේගයට පත් වූ බවයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ජීවන රඟමඩලෙන් සමු ගත්ත ද සිංහල සිනමාව නම් රඟමඩල තුළ මාලිනී ෆොන්සේකා සදා වැජඹෙනු ඇති බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා තැබූ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ 2010 වසරේ සිට 2015 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද මාලිනී ෆොන්සේකා කටයුතු කළ අතර, ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ අතර මාලනී ෆොන්සේකාගේ දේහය අද (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍යට එක්කර තිබූ විශේෂ සටහන පහතින්.

“සිංහල සිනමාවේ නිලි රැජින, සම්මානනීය නිළි මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ අභාවය අසා මම මහත් සංවේගයට පත් වුණෙමි.

වේදිකාවත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයත්, විශේෂයෙන්ම රිදී තිරයත් තම අපූර්ව රංගන කෞෂල්‍යයෙන් හැඩ කළ ඇය මෙම ක්ෂේත්‍ර ත්‍රිත්වයෙහිම සම්මාන රැසක් හිමිකර ගත්තාය. චිත්‍රපට ක්ෂේත්‍රයේ දෙස් විදෙස් සම්මාන රැසක් හිමි කර ගැනීමට දක්ෂ වූ අග්‍රගණ්‍ය නිළි මාලනි ෆොන්සේකා මහත්මිය දශක ගණනාවක් පුරා ජනතාවගේ ආදරය සහ සෙනෙහස එක ලෙස දිනා ගැනීමට වාසනාවන්ත වූ රංගන වේදිනියකි. සිනමාවේ විවිධ අංශ පුරා සිය හැකියාවන් පෙන්වූ ඇය අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට ද දායක වී ඇත. ඇය දේශපාලනයට පිවිසෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව ද නියෝජනය කළාය.

සිංහල සිනමාවත් මාලනියත් වෙන් කළ නොහැකි යැයි මට සිතේ. සිනමාවේ බොහෝ රූප රාමු තුළ ඇය තම තාත්වික රංගන හැකියාව මැනවින් ඉදිරිපත් කළාය. හෙළ සිනමාව ඇයට ද, ඇය හෙළ සිනමාවට ද ආශිර්වාදයක් විය. 2010 වසරේදී දී ඇය ආසියාව තුල මෙතෙක් බිහි වූ දැවැන්ත රංගන ශිල්පීන් 25 දෙනා ගෙන් අයෙක් බව ඇමරිකානු සී.එන්.එන් රූපවාහිනිය විසින් නම් කරනු ලැබීය.

මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සියලු දෙනාටත්, ඇයගේ වියෝවෙන් ශෝකයට පත් කලාකරුවන්ටත්, රසික ප්‍රජාවටත් මම මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ජීවන රඟමඩලෙන් සමු ගත්ත ද සිංහල සිනමාව නම් රඟමඩල තුළ සදා වැජඹෙනු ඇත. හිතවත් රංග වේදිනියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14