spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලිංගගේ නම ඉදිරියේ තිබූ වාර්තාව පසුකරමින් රෂීඩ්ගෙන් නව ලෝක වාර්තාවක්

පන්දුවාර 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවා ගත් වේගවත්ම (අවම ඉනිම සංඛ්‍යාවකින්) පන්දු යවන්නා බවට පත් වීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා. මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේ 24 වන තරගයේ දී යි ඔහු එම වාර්තාව පිහිටුවීමට සමත් වුණේ.

රෂීඩ් ඛාන් එම තරගයේ දී මොහොමඩ් හෆීස්ගේ කඩුල්ල දවා ගනිමින් තම 100 වැනි ජාත්‍යන්තර 20-20 කඩුල්ල දවා ගත්තා. ඔහු කඩුලු 100 සීමාවට ළගා වීම සදහා ක්‍රීඩා කර ඇති ඉනිම සංඛ්‍යාව 53ක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉනිම 76කින් කඩුලු 100ක් බිද හෙලා අදාළ වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවා.

20-20 ජාත්‍යන්තර පිටියේ කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ලසිත් මාලිංගයි. 20-20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු 100 ක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා ලෙසයි රෂීඩ් ඛාන් අද ඉතිහාසගත වුණේ.

රෂීඩ් (කඩුලු 101) හා මාලිංගට(107) අමතරව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්(117) හා නවසීලන්තයේ ටිම් සවුති(100) ද කඩුලු 100 සීමාව පසු කර ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?