මාලිංගගේ නම ඉදිරියේ තිබූ වාර්තාව පසුකරමින් රෂීඩ්ගෙන් නව ලෝක වාර්තාවක්

පන්දුවාර 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 100ක් දවා ගත් වේගවත්ම (අවම ඉනිම සංඛ්‍යාවකින්) පන්දු යවන්නා බවට පත් වීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා. මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේ 24 වන තරගයේ දී යි ඔහු එම වාර්තාව පිහිටුවීමට සමත් වුණේ.

රෂීඩ් ඛාන් එම තරගයේ දී මොහොමඩ් හෆීස්ගේ කඩුල්ල දවා ගනිමින් තම 100 වැනි ජාත්‍යන්තර 20-20 කඩුල්ල දවා ගත්තා. ඔහු කඩුලු 100 සීමාවට ළගා වීම සදහා ක්‍රීඩා කර ඇති ඉනිම සංඛ්‍යාව 53ක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉනිම 76කින් කඩුලු 100ක් බිද හෙලා අදාළ වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබුවා.

20-20 ජාත්‍යන්තර පිටියේ කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ලසිත් මාලිංගයි. 20-20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු 100 ක් දවා ගත් සිව්වැනි පන්දු යවන්නා ලෙසයි රෂීඩ් ඛාන් අද ඉතිහාසගත වුණේ.

රෂීඩ් (කඩුලු 101) හා මාලිංගට(107) අමතරව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්(117) හා නවසීලන්තයේ ටිම් සවුති(100) ද කඩුලු 100 සීමාව පසු කර ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14