මාලදිවයිනේ රැකියාවට ගිය ලාංකිකයාට බිහිසුණු ඉරණමක් අත්වෙයි

මාලදිවයිනේ ස්කැවේටර් යන්ත්‍ර රියදුරුවරයෙකු ලෙස රාජකාරියේ නියුතු ව සිටි ශ්‍රී ලාංකිකයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම ලාංකිකයාගේ මෘත දේහය අද (16) අලුයම ඔහුගේ ඥාතීන් විසින් මෙරට දී භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ දොඩංගස්ලන්ද – උඩු හොරම්බුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මීට දින 15කට පමණ පෙර සිය නවාතැන් පොළෙන් මීටර් 300ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයක දිය නාමින් සිටි ඇති බවත් එහිදී ඔහු දියේ ගිලී ගොස් ඇති බවත් වාර්තා වනවා.

අනතුරුව දින දෙකකට පසුව ඔහුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී එරට වැසියෙකු එය දැක මාලදිවයින පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

මාලදිවයින අධිකරණ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවක් බවටයි එරට රජය මෙන් ම මීගමුව jmo විසින් තහවුරු කරනු ලැබුවේ.

මෙයට පෙර ද වසර තුනක පමණ කාලයක් මාලදිවයිනේ මොහු රැකියාව කර ඇති අතර දැනට මාස 03කට පමණ පෙර නැවත රාජකාරිය සඳහා එරටට ගොස් තිබෙනවා.

මොහු මාස 05ක් පමණ වන බිළිඳෙකුගේ පියෙකු ද බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31