spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලදිවයින් මුහුදේ ප්‍රබල භූ චලනයක්

මාලදිවයිනේ රික්ටර් පරිමාණයේ 5.4ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

භූ කම්පන විද්‍යාව සඳහා වූ ඉන්දියාවේ ජාතික මධ්‍යස්ථානය (NCS) පැවසුවේ භූමිකම්පාව සිදුවූ ස්ථානය මාලේ නුවර සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින් බවයි.

මෙම භූ කම්පනයෙන් සිදු වූ හානියක් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති අතර සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර නැහැ.

පසුගිය 2023 වසරේ දෙසැම්බර් 29 වනදා ද මාලදිවයිනට ආසන්න ඉන්දීය සාගරයේ කාල්ස්බර්ග් කඳුවැටිය ආශ්‍රිතව භූමිකම්පා හතරක් වාර්තා වුණා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, එම භූමිකම්පා රික්ටර් මාපක 4.8, 5.2, 5.8 සහ 5.0 ලෙස සටහන් වූ අතර ගැඹුර කිලෝමීටර 7.7 සිට කිලෝමීටර 10 දක්වා පරාසයක පැවති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
1
+1
13
+1
17
+1
11
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?