මාලදිවයිනට ඉන්දියාවෙන් සහනයක්

මාලදිවයින් රජයේ ඉල්ලීම මත තවත් වසරක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් කාලය දීර්ඝ කරමින් ඉන්දියාව මාලදිවයින් රජයට අයවැය සහයක් ලබා දී තිබෙනවා.

මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාලදිවයින සඳහා ඉන්දියාව මෙම වසරේ ලබා දුන් දෙවන සහනය මෙය බවයි.

මීට පෙර 2024 මැයි මාසයේදී ද මාලදිවයින් රජයේ ඉල්ලීම මත සහනයක් හිමිවුණා.