spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාරක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් ළමුන් සිව්දෙනෙක් මසකට පසු හමුවේ

කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි ළමුන් සිව්දෙනෙකු මාසයකට වැඩි කාලයකට පසු සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 13, 09, 04 සහ වසරක් වයසැති දැරුවන් සිව්දෙනෙක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය මැයි මස පළමු වනදා මොවුන් සිය මව සමඟ ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී එම යානය ඇමසන් වනාන්තරයට කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් මෙම දරුවන්ගේ මව සහ ගුවන් යානයේ සිටි අනෙකුත් වැඩිහිටියන් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගත් ළමයින් සිව්දෙනා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
6
+1
6
+1
5
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?