මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.අතුළුවගේ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් මඟින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර ඇති බව සඳහන්.

මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය පහතින්..

1 8