මාර්ග අනතුරු සහ මරණ වැළැක්වීම ඉහළ පෙළේ කමිටුවක් – මාර්ග අනතුරු නිසා වසරේ මේ දක්වා ළමා මරණ 115ක්

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමින්.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව විසින් මෙය සංවිධානය කර තිබුණා. මාර්ග අනතුරුවලට ලක් වීමෙන් ළමුන්ට මුහුණ දීමට සිදුවන වැළැක්විය හැකි මරණ සහ ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට පත් වීම අවම කිරීම මෙවර සමුළුවේ දී මූලික අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය හා සාමය ආදි ක්ෂේත්‍රයන්හි කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත් වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මහතා,

මේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනාව ලැබෙන විට මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටියා. නමුත් මේ සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් හෝ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් පිළිබඳව ඔබ අපගේ අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී ගැටලු රැසක් දක්නට ලැබෙනවා. පළමුවැන්න වන්නේ නොසැලකිළිමත්ව රිය පැදවීමයි. අනිත් කරුණ වන්නේ අප භාවිතා කරන ත්‍රීරෝද රථ වැනි ඇතැම් වාහන නිසි ආරක්ෂිත ප්‍රමිතීන්ට නොගැළපීම. නමුත් අප මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපට එක රැයකින් ත්‍රීරෝද රථ තහනම් කරන්න බැහැ. බොහෝ ජනතාවගේ ජීවනෝපාය වි ඇත්තේ ත්‍රිරෝද රැකියාවයි. එසේම බොහෝ පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතාව ඒ මත රඳා පවතිනවා. එම නිසා රටේ ආර්ථිකය දියුණු මට්ටමට පැමිණෙන තුරු ත්‍රීරෝද රථ වඩාත් ආරක්ෂිත වාහනයක් බවට පත් කිරීමට සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

එසේම මාර්ගවල තත්ත්වය පිළිබඳව ද අප අවධානය යොමු කළයුතුයි. අපේ රටේ මාර්ග පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නැහැ. දකුණු අධිවේගී මාර්ගය ගත්තොත් අධික වර්ෂාව සමඟ එය ජලයෙන් පිරී යනවා.

ඔබේ වාහනයේ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් හෝ ඔබට වාහනය ධාවනය කරන විට නිදිමතක් දැනෙනවා නම්, ඒ සඳහා විශේෂ වු වාහන නැවැත්වීමේ මංතීරු තිබෙනවා නම් ඔබට ටික වෙලාවක් නැවතී සිට ඔබේ ගැටළුව විසඳාගැනීමට හැකියාවක් තිබෙනවා. එවිට අවදානමක් ඇතිවෙන්නේ නැහැ.

ඒ වගේම අනතුරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් ප්‍රශ්න මතු වෙනවා. ඔවුන්ට සිටින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම සහ උපකරණ හා තාක්‍ෂණය නොමැතිකම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ සියල්ල නිවැරදි වන තුරු අප බලා සිටියහොත් තවදුරටත් මෙම ප්‍රශ්න සංකීර්ණ වෙනවා.

එසේ නම් අපට මේ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් තිබිය යුතුයි. මෙම කාර්යය භාර ගනු ලබන කමිටුව විසින් සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා.

වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින්‍ සොයා බැලෙනවා.

ඒ වගේම මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය තිරසරව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක් වාහන රටින් පිට කිරීමද සිදු කළ යුතුයි. එවිට සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන භාවිතා කිරීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. මෙහිදී ඉදිරි ආර්ථික තත්ත්වය සහ මාර්ගවල තත්ත්වය වැනි විවිධ කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මාර්ග අනතුරු යන කාරණය ද මෙහිදී වැදගත් වෙනවා. මේ අනුව අදාළ සැලසුම් සකස් කිරිමේ දී මෙම කමිටුවට මේ සියලුදෙනා සමග සාකච්ඡා කිරීමට සිදු වේවි.

මෙහිදී සියලුදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරෙන අතර ඒ සඳහා සුදුසුම කාලය මෙය බව ද මම විශ්වාස කරනවා.

මේ අනුව මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතියි.

මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අප දැනමටත් සූදානම් කර තිබෙන බවද කිවයුතුයි.

ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් වෙහෙසුණු ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න මහතා,

මාර්ග අනතුරු හේතුවෙන් සෑම තත්පර 42කටම වරක් ලෝකයේ කුමන හෝ ස්ථානයක එක් මරණයක් සිදු වනවා. නමුත් ඉහළ ආදායම්ලාභී රටවල මාර්ග අනතුරු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන හෝ මරණයට පත් වන සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව අඩු බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා මිය ගිය ළමුන් සංඛ්‍යාව 115ක් වෙනවා. බොහෝ විට මෙසේ මරණයට පත් වන්නේ හෝ ආබාධිත තත්ත්වයට පත් වන්නේ වයස අවුරුදු 15-44ත් අතර රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ සාමාජිකයන් වන තරුණ පිරිසයි.

සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයන් 3000ක් පමණ මාර්ග අනතුරුවලට ලක්ව මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය වසරක් පාසා ඉහළ යන බව පෙනෙන්න තිබෙනවා.

මෙසේ සිදුවන අනතුරු හා සැසඳීමේදී අනාගතයේදී මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම අබාධිත තත්ත්වයට පත්වන සංඛ්‍යාව දහස් ගණනකින් ඉහළ යනු ඇතියි. එමඟින් රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව අප විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17