මාර්ගයේ සිටි පරෙවියෙකු යටකිරිමේ වරදට රියදුරෙකු අත්අඩංගුවට

ජපානයේ ටෝකියෝ නුවර රියදුරෙකු විසින් මහා මාර්ගයේ සිටි පරෙවියෙකු මෝටර් රථයකින් යටකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන කුලී රථ රියදුරෙක් වන අතර මාර්ගයේ සිටි පරෙවියන් රංචුවක් මතින් ධාවනය කර ඇති බවට ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර තිබේ. එහිදි ඉන් එක් පරෙවියෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම ඇසින් දුටුවෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්