මාර්ගයට වැටී තිබූ පොල් ගසක යතුරුපැදියක් ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු මාර්ගය හරහා වැටී තිබූ පොල් ගසක ගැටීමෙන් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හක්මන සිට කරතොට දක්වා දිවෙන මාර්ගයේ උඩුපීල්ලගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, තරුණයා ඉන්ධන ලබාගැනීමට සඳහා ඉන්ධන පෝලිමට එකතුවීමට යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්මණ, ලාල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ තරුණයා ගංගොඩගම ප්‍රාදේශය රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39