spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගයට වැටී තිබූ පොල් ගසක යතුරුපැදියක් ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු මාර්ගය හරහා වැටී තිබූ පොල් ගසක ගැටීමෙන් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හක්මන සිට කරතොට දක්වා දිවෙන මාර්ගයේ උඩුපීල්ලගොඩ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, තරුණයා ඉන්ධන ලබාගැනීමට සඳහා ඉන්ධන පෝලිමට එකතුවීමට යමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හක්මණ, ලාල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ තරුණයා ගංගොඩගම ප්‍රාදේශය රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?