මාර්ගගත ආරක්ෂණ පනත කිසිදු බලපෑමකට යටත් නොවී ඉදිරිපත් කරනවා

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී එක් වෙමින්.

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංක 109 සහ [email protected] වෙබ් අඩවියත් 0112 444 444 දුරකථන අංකයත් ඇතුලත් මහජන පැමිණිලි අංශය අද නිල වශයෙන් එළිදැක්වුණා.

මෙම කවුළුව තුලින් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධ සහ ඔවුන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, ළමයින්ට කෲරත්වය යනාදිය විමර්ශනය කිරීම සිදු වනු ඇති.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සෘජුවම පොලිස් ස්ථාන වෙත යාමට මැලිකමක් දක්වන නව යොවුන් වියේ දරුවන්ට හානියක් නොවන ආකාරයෙන් මෙම විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික දුරකථන අංක හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතිනවා.

එවැනි පැමිණිලි සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්‍ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක වන මහජන පැමිණිලි මැදිරිය අදාළ පොලිස් ස්ථාන සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදු කරනු ලබනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පවතින තත්වය පිලිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව ළමා කාන්තා හිංසනය පිටු දැකීම පිළිබඳ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. මෙම විශේෂ ක්‌ෂණික දුරකථන අංකය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සටන අද සිට ආරම්භ කරනු ලබනවා.

යුක්තිය මෙහෙයුම යටතේත් මේ වන විට විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙන බව මුළු රටේම ජනතාව දැනුවත් වී සිටිනවා. නමුත් ඇතැම් පිරිස් තවමත් ඊට විරුද්ධව මඩ ප්‍රචාරයන් සිදු කරමින් පවතිනවා. ඒ ආකාරයටම මේ වැඩපිළිවෙලටත් බාධාවන්ට මුහුණ දීමට සිදුවණු ඇති. නමුත් ගමේ හෝ නගරයේ වෙනසකින් තොරව දරුවන් හෝ කාන්තාවන් යම්කිසි හේතුවක් මත හිංසනයට හෝ අසරණභාවයට පත් වූ විට පොලිසියෙන් පවා නිසි පිහිටක් නොලැබුණු අවස්ථාවන් මීට පෙර පැවතී තිබෙනවා. නමුත් මෙම ඇමතුම් මධ්‍යස්ථානයේ ඇමතුම් ලබා ගැනීම සඳහා පොලිස් කාන්තා නිලධාරියන් පමණක් සේවය යෙදවීමට අප තීරණය කර තිබෙනවා. ඊට හේතුව කාන්තාවකට පවතින ගැටලුවක් පිළිබඳව ඇමතුමක් ලබාදීමේදී ඊට පිළිතුරු ලබා දෙන්නේ පිරිමි නිලධාරියෙකු නම් ඔවුන් ඒ පිළිබඳව විවෘතව කරුණු දැක්වීමට මැලිකමක් දැක්වීමට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව පණිවිඩය හැකි තාක් ජනගත කරන ලෙස ඊට සම්බන්ධව කටයුතු කරන විවිධ සංවිධානවලින් මා විශේෂ ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙස මා මාධ්‍යයෙන්ද ඉල්ලීමක් කරනවා. මේ සියලු මෙහෙයුම්වල අරමුණ රටේ දරුවන් ආරක්ෂා කරගැනීමයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. කිසිදු බලපෑමකට යටත් නොවී මේ සටනද අප ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එවැනි අපරාධවලට සම්බන්ධ වන කිසිවෙකුට කිසිදු සමාවක් හිමි වන්නේ නැහැ.

ගෙවුණු වසරේ පමණක් මෙවැනි පැමිණිලි 8000ක්‌ පමණ ඉදිරිපත්වී තිබෙනවා. ඒ අතරින් තුන්දහසක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල ආදී විශාල පිරිසක් ඊට විරුද්ධව මත පල කරනවා. ඒ කිසිදු බලපෑමකට යටත් නොවී ජනවාරි 23 වෙනිදා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ඒ පිළිබඳව ඕනෑම යෝජනාවක් හෝ අදහසක්‌ ජනවාරි 8 වෙනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒවාද මීට ඇතුළත් කිරීමේ හැකි හැකියාව පිළිබඳව සොයා බලනවා. මේ සියලු දේ සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි.

නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයින් සහ ජනකොටස් ඒවාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට අප කටයුතු කරන්නේ නැහැ. ජනතාව සෑම අවස්ථාවකම අප සමග සිටින බව මට විශ්වාසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18