spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්ක් සකර්බර්ග් ප්‍රසිද්ධියේ සමාව අයදී

මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින්, තම දරුවන්ට සමාජ මාධ්‍ය මගින් හානි වූ බව පවසන පවුල්වලින් සමාව අයැද සිටියා.

ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ සමාව ඇයද සිටියේ මෙටා සමාගම ඇතුළු ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන් එක්සත් ජනපද සෙනෙට් සභාව හමුවට කැඳවීමෙන් අනතුරුවයි.

මෙලෙස කැඳවුම් ලබා සිටි සමාජ මාධ්‍ය ජාල හිමි සමාගම්වල ප්‍රධානීන්ගෙන් සෙනෙට් සභාව පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

මෙම අවස්ථාවට මාර්ක් සකර්බර්ග් සමඟ X ප්‍රධාන විධායක ලින්ඩා යකරිනෝ, ස්නැප් ප්‍රධාන විධායක ඉවාන් ස්පීගල්, ටික්ටොක් ප්‍රධාන විධායක ෂෝ සී චූ සහ ඩිස්කොර්ඩ් සමාගමේ ප්‍රධාන විධායක ජේසන් සිට්‍රොන් යන අය එක්ව සිටියා.

මෙම කැඳවීමේ දී නීති සම්පාදකයින්ට අවශ්‍ය වූයේ අන්තර්ජාලය හරහා ළමයින් ආරක්ෂා කිරීමට ඔවුන් කරන්නේ කුමක් ද යන්න දැන ගැනීම බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?