“මාරක රිය අනතුර නිසා හුස්ම අදින රෝගියාටත් කොරෝනා” – පුෂ්පා රම්‍යානි දෑසින් දැක්ක සංවේදී කතාව

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පිරිස මේ වන විට ඉහල යමින් පවතිනවා. ඒත් එක්කම රෝහල්වල ධාරිතාවය ඉහලටම යනවා. මේ කියන්නේ කොරෝනා කියලා දන්නෙවත් නැතුව අනතුරකින් රෝහල්ගත කරපු පුද්ගලයෙක් ගැන. හැබැයි අනතුරට ලක් වුන මොහුට කොවිඩ් පොසිටිව්. මේ ගැන පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සිය මුහුණුපොතේ දමා තිබූ සටහන පහතින්,

තමාට කොවිඩ් ඇති බව නොදන්නා අය තව කොච්ච්ර නම් ඇතිද?

ඔහුට වයස අවුරුදු 18 ක් ලැබුවා පමණයි.

සුපුරුදු ලෙස යතුරු පැදිය අරන් පාරට ගියත් ඔහුට ඔහුගේ ගමන අවසන් කරන්න සිදු වූයේ නැහැ.

අතර මගදී ආ කන්ටේනරයකට ඔහුගේ යතුරු පැදිය ගැටුණා.

එය කොතරම් හානි කර ලෙස ගැටුනාද කියනවානම් ඔහුගේ හිසේ මොළය අභ්යන්තරයටම එම පීඩනය බලපෑවා.

එපමණක්ද නොව අස්ථි බිදීම් කිහිපයකුත්…

එම රෝහලේ සිදු කල පරීක්ෂණයට අනුවයි තහවුරු වූණේ ඔහු කොව්ඩ් ආසාදිතයෙක් බව.

හිසේ අනතුරු හේතුවෙන් සිදු කල යුතු ශල්‍යකර්ම නිසා සිහිසුන් නැති ඔහු කොළඹට බොහෝ ඈත පළාතකින් අප වෙත ගෙන ආවා.

ගිලන් රථයක පැය 7 ක් පුරාවටම කිටි කිටියේ ඇද ගත් ආරක්ෂිත ඇදුම් නිසා එහි ආ සියලු දෙනාම වෙහෙසට පත් කර තිබුණා.

හදිසි අනතුරු අංශයට පැමිණෙන සියලු රෝගීන් භාර ගැනීම සිදු කල යුතු වන්නේ මා භාරකාරත්වය දරණ රෝගී වර්ගීකරණ ඒකකයයි.

ඔවුන් පළමුව රෝගියාගේ රෝග තත්ත්වය මෙන්ම රෝගී ඉතිහාසය අවධානයට ලක් කල යුතුයි. එමගින් අසාධ්‍ය රෝගියා මෙන්ම කොව්ඩ් අවධානමද සැළකිල්ලට ගත යුතු වන්නේ එම අවස්ථාවේ සිටම ඔවුන් වෙන් කල යුතු බැවිනුයි.

ඒ අනුව ඔවුන්ගේ තීරණය අනුව කඩිනමින් කොව්ඩ් සදහා වෙන් කර ඇති කාමරය සදහා ඔහුව යොමු කරා. ඔහුගේ අවධානම පිරික්සීමට CT scan පරීක්ෂාව වහාම සිදු කරා.

එයින් කීරණයවූයේ හිසට හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරීමටයි. එවන් ශල්‍ය කර්ම සිදු කිරීමේදී පළමුව දැඩි සත්කාර ඒකකයක ඇදක් හිස් කර ගත යුතුය. එබැවින් එයින් රෝගියෙකු දැඩි නිරීක්ෂණ ඒකකයට යොමු කර එහි රෝගියා වාට්ටුවට දමා ඔහුගේ ශල්‍ය කර්මය ආරම්භ කළෙමු.

මොළයේ සාර්ථක ශල්‍ය කර්මයකට පසු ඔහුව දැඩි සත්කාර ඒකකයේ හුස්ම ගන්න යන්ත්‍රයට සවි කර සත්කාර ආරම්භ කළෙමු…

ඔහුට තවමත් සිහිය නැහැ….දරුණු අනතුරටත් කොව්ඩ් තත්ත්වයටත් ඝෟජුව මුහුණ දෙමින් සියල්ලෝම ඔහුගේ ජීවිතයට බේරීමට දිවා රාත්රී තවමත් වෙහෙසෙති.

ඔබට වැටහෙනවාද? අප මුහුණ දෙන්නේ කොවිඩ් රෝගයත් පමණක් නොව. කොවිඩ් සහ සර්වාංගයම අනතුරු වූ රෝගීන්ය.

ඔහු වටා සිටින්නේ එක් අයෙක් නොව. සිය ගාණක් ඔහු වටාය. ඒ රාජකාරියටත් එහා ගිය වගකීමකි.

ඔබ දන්නවාද ? කොව්ඩ් සහ අනතුරු දෙකම වළක්වාලන්නට පුලුවන් ..

අවුරුදු 18 තරැණයා විදින දුක ඔබ දකිනවානම් ඔබට එය වැටහෙනු ඇත.

එහෙනම් ඔබ අද සිට උත්සාහ කරන්න…..කොවිඩ් වලිනුත් ආරක්ෂා වෙලා , අනතුරුත් වළක්වාගෙන ඉන්න……..

සටහන..

පුෂ්පා රම්‍යානි සොයිසා

  1. මේ මිසී අමු පච කියන්නෙ. ඔය ලෙඩාව ගෙනාවෙ අපි. ලෙඩා accident වෙලා තියෙන්නෙ බයිසිකලේ යනකොට අංසභාගෙ හැදිලා වැටෙද්දි. අපේ රෝහලෙන් scan ඔක්කොම කරලා, operation කලයුතු බව දැනගෙන, අපේ දොස්තරවරු ජාතික රෝහලේ surgeon මහත්තුරු එක්ක කතා කරගෙන තමයි එව්වෙ. අපි ඔතනට ඇවිත් උදේ හයේ ඉදන් දහය විතර වෙනකන් ලෙඩාව එලියෙ තියාගෙන වාත වුනා ලෙඩාව ආපහු එවන්න හදපු නිසා. අන්තිමට ලොකු සර් කෙනෙක් අපි වාත වෙනවා දැකලා මැදිහත් වෙලා තමා ලෙඩාව ICU ගත්තෙ. නැතුව මේ මිස් කියන විදිහට එයා මැදිහත් වෙලා කරපු දෙයක් නෙමේ. එයා කරන්නෙම අනුන් කරන දේවල් වලට ලකුනු දා ගන්න එකනෙ. ලැජ්ජයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39