මාරක අනතුරකින් තිදෙනෙකුට බරපතළයි

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (09) රාත්‍රී කාලයේ දී සිදු ව ඇති බවයි.

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති – සෙල්වානගර් මධ්‍යම ප්‍රධාන මාර්ගයේ ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ.

යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා සහ ත්‍රිරෝද රථයේ රියදුරා බරපතළ තුවාල ලබා ආරයම්පති දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කාත්තන්කුඩි රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14