මානව හිමිකම් බිඳ වැටෙන පසුබිමක, යුගයේ අවශ්‍යතාව විවේචනය නොවේ

ලොව පුරා මානව හිමිකම් බිඳවැටීමේ ව්‍යසන සිදුවෙමින් පවතින පසුබිමක යුගයේ අවශ්‍යතාව වන්නේ ජාත්‍යන්තර නීතිය විවේචනය කිරීම කිරීම නොව ජාත්‍යන්තර මානව හිමිකම් මගින් එවැනි ව්‍යසන සිදුවීම වළක්වාගනිමින් එම නීති ශක්තිමත් කර ඒවාට විසඳුම් සෙවීම බවට ආචාර්ය රාධිකා කුමාරස්වාමි පවසනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 75 වැනි සංවත්සරය සැමරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

“සැමට ගරුත්වය, නිදහස සහ යුක්තිය” යන්න තේමාව කරගනිමින් මෙම සැමරුම් උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි ආචාර්ය රාධිකා කුමාරස්වාමි, මානව හිමිකම් කොමිසමේ වත්මන් සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය, කොමිසමේ සාමාජිකයින් සහ එහි ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය රාධිකා කුමාරස්වාමි විසින් UDHR සම්මත කිරීම හා ඒ සම්බන්ධ කෙටි ඉතිහාසයක් සහිත දේශනයක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

ජාත්‍යන්තර මානව හිමිකම් රාමුව ගොඩනැගීම සඳහා එය සකස් කිරීමේ වැදගත්කමයි මෙම දේශනයේ දී පැහැදිළි කෙරුණේ.

ලොව පුරා මානව හිමිකම් බිඳවැටීමේ ව්‍යසන සිදුවෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර නීතියට එරෙහිව එල්ල වන වත්මන් විවේචන ගැන සඳහන් කරමින් හිටපු මානව හිමිකම් සභාපතිවරිය පෙන්වා දුන්නේ යුගයේ අවශ්‍යතාව විවේචනය කිරීම නොව ජාත්‍යන්තර මානව හිමිකම් මගින් එවැනි ව්‍යසන සිදුවීම වළක්වාගනිමින් එම නීති ශක්තිමත් කර ඒවාට විසඳුම් සෙවීම බවයි.

කොමිසමේ ‘මානව හිමිකම් ආරක්‍ෂකයින් ආරක්ෂා කිරීම පිළිබඳ සාමාන්‍ය මාර්ගෝපදේශ සහ නිර්දේශ කෙටුම්පත්’, සහ පොලිස් අත්අඩංගුවේ සිදුවන මරණවලට මුහුණ දීම වැළැක්වීම පිළිබඳ අදාළ බලධාරීන්ට පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ කෙටුම්පත’ (‘Draft General Guidelines and Recommendations on the Protection of Human Rights Defenders’, ‘Draft General Guidelines and Recommendations to the Sri Lanka Police and other relevant Authorities on Prevention of Custodial and Encounter Deaths’ and ‘The Interim Report of the Fact Finding Mission on Right to Health and Liberty of Patients at the National Institute of Mental Health (NIIMH)’, ) එළිදැක්වීම ද මෙම උත්සවයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට සහභාගි වූ පිරිස අතර, රාජ්‍ය, නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන්, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්‍ෂකයින් සහ විද්වතුන්ගේ නියෝජිතයින් ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25