spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසම පොලිසියට රතුඑළි දල්වයි

ඊයේ (21) රාත්‍රියේ ගාලුමුවදොර ඇති වූ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හදිසි නීතිය භාවිතකර රටේ සාමාන්‍ය නීතිය ඉක්මවා නොයන්නැයි මානව හිමිකම් කොමිසමට පොලිසියට දන්වා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටින්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි බවයි.

හදිසි නීතිය මඟින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට හෝ පාලනය කිරීමට උත්සාහ ගැනීම නීතියේ ආධිපත්‍යය පළුදු කරන බවද එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස රටේ සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හදිසි නීතිය අසාධාරණ ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙසත් රටේ සාමාන්‍ය නීතිය අභිබවා නොයන ලෙසත් පොලිස්පතිවරයාට එම කොමිසම නියෝගකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
130
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?