මාධ්‍ය ඉදිරියේ හැසිරීම ගැන සජිත්ගෙන් අග්‍රාමාත්‍යවරියට දෝස්මුරයක්

සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා යැයි කියූ, අග්‍රාමාත්‍යවරිය, අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍ය ප්‍රශ්ණ කරන විට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට විපක්ෂය විසින් සැකය සංකා ඇත්ත සිදුවීම් ලෙස රටට ඉදිරිපත් කරන්න කටයුතු කරන බවට ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දේශපාලන විද්‍යාව සහ දේශපාලන සන්නිවේදනයට අදාළ වැඩමුළුවක දී අදහස් දක්වමින්.

අග්‍රාමාත්‍යවරිය සත්‍ය වසන් කොට අදහස් පළ කිරීම කණගාටු දායක තත්ත්වයක් බවත්, මෙම මුදල් අස්ථානගත වීම සත්‍ය බවට රජයම පිළිගෙන තිබිය දී අග්‍රාමාත්‍යවරිය පවසන්නේ කුමක්ද යන්න ගැටළුවක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

මෙම අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය ගෙවනු ලැබුවේ විපක්ෂය හෝ සමගි ජන බලවේගය නොව ආණ්ඩුව බවත් මෙහි ඇති බරපතලම කාරණය වන්නේ මුදල් සම්බන්ධ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවත් මේ සම්බන්ධයෙන් මාස 4ක් පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන්, ජනතාවගෙන් සහ රටෙන් සඟවා තැබීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මෙම අහිමි වූ මුදල් ගෙවිය යුත්තේ රටේ පුරවැසියන් බව අගමැතිනිය අමතක නොකළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අමෙරිකානු ඩොලර් ලක්ෂ 25 සම්බන්ධ සිද්ධියට විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත්, එම පරීක්ෂණය කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සාභාවකින් බවත්, එහි සභාපති සහ බහුතරය විපක්ෂයෙන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

  1. රටට ප්‍රබල විපක්ෂ නායකත්වයක අවශ්‍යතාවය සජිත් ප්‍රේමදාස මහතා දිනපතාම මනාව නිරූපණය කරනවා…

    රටේ පුරවැසියන් විදිහට අපිට අවශ්‍ය වන්නේ Breaking news ලෙස ඕපදූප නොව, ඇතිවන, පවතින ගැටලුවල සාර්ථක සහ කඩිනම් විසදුම් පමණයි.

    කයිවාරු දේශපාලන තුලින්, බල්ල පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ වැනි දෙයක් තමයි වෙන්නෙ.
    අත්දැකීම් අඩු රජයේ මෙතෙක් ආ ගමන, අත්දැකීම් බහුල, බහුශ්‍රැත, පැවති රජයන්ට වඩා ඉදිරියෙන් සිටින බව අපට පැහැදිලිය.
    යුද තත්ත්වයේ බලපෑම අවම ලෙස මහජනතාව ලෙස අත්විදින අප, පැවති කුමන හෝ රජයක් වර්තමානයේ පැවතුනානම් මහජනතාව ලෙස අප මේ අවස්ථාව වන විට බොහෝ පීඩාවට පත්ව සිටින බවද අප හොඳාකාරවම දනිමු.
    එවැනි අත්දැකීම් නොවිඳිනා නිසා, මහජනතාවේ ඇතැම් අයටද ආණ්ඩුවේ ගතියක් නෑ වැනි හැගීමකින් පසුවන බවද දන්නෙමු.

    • 01 කන්ටේනර් මගඩිය .
      02 ගල් අඟුරු හොරා කෑම.
      03 HSBCවිධායක කළමනාකරු පැවසූ ඩීසල් මගඩිය.
      04 ඩොලර් මිලියන දෙකයි දශම පහේ වංචාව