මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක් – ඇමති මනුෂ නානායක්කාර

සිංගප්පූරුව වැනි රටවල මාධ්‍ය ආයතන ස්වයං වාරණයක් සහිතව රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන නමුත් ලංකාවේ මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ලංකාවේ මාධ්‍ය ආයතන සිදු කරන ඇතැම් වාර්තා නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ද නොපැමිණෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එක්තරා ජාතික පුවත්පතක් දත්ත මත පදනම් නොවී ළමා ශ්‍රමය සම්බන්ධයෙන් වාර්තාකිරීම් සිදුකර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

ළමා ශ්‍රමයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම වෙනුවෙන් නෙළුව මණ්ඩලපුර ප්‍රාථමික විද්‍යාලයේදී පැවති උත්සවයකට අද (15) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවදානම් තත්වයක් තිබෙනවා කියලා පුවත්පතක් වාර්තා කරලා තිබුණා. මේක ගැන සොයා බැලුවම ලංකාවේ එවැනි තත්වයක් නැහැ. නමුත් ලෝකයේම එවැනි ප්‍රවනතාවයක් තිබෙනවා. නමුත් දත්ත මත පදන් නොවී ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියලා කියන්න බෑ. ලංකාවේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් අවසන් වරට සමීක්ෂණයක් කරලා තියෙන්නේ 2016දී. ඒ දත්ත අනුව අපේ රටේ ළමා ශ්‍රමය භාවිතා කිරීමේ චෝදනාව තියෙන්නේ සියයට 0.9යි. ඒත් ලෝකයේ ලොකුම රටවල්, ලෝකයේ ලොකුම පොලිස්කාරයා වුන රටෙත් ළමා ශ්‍රමිකයින් මිලියන 20ක් ඉන්නවා.

අපේ රටේ ගමක ඩෙංගු හැදුනොත් ඒක ලොකු ප්‍රවෘත්තියක් කරලා දාලා, ජාත්‍යන්තර මාධ්‍යවලත් පළ කරලා ලංකාවට එන සංචාරකයාත් නැති කරන්න තමයි හදන්නේ. කොහේ හරි හංදියක තුන් හතර දෙනෙක් උද්ඝෝෂණයක් කළාම ඒක වීඩියෝ කරලා ජාත්‍යන්තරව පෙන්නලා අපේ රට විනාශ කරනවා. දැන් සිංගප්පූරුවේ පහුගිය දවස්වල හොදටම රෝග උත්සන්න වෙලා තිබුණා. හැබැයි ඒවා මාධ්‍ය මගින් වාර්තා කරන්නේ නෑ. රටේ සුබසාධනය වෙනුවෙන් තමයි ඒ රටවල මාධ්‍ය කටයුතු කරන්නේ. ස්වයං වාරණයක් ඇතිව තමයි කටයුතු කරන්නේ.

තවමත් ඇමරිකාව, එංගලන්තය ලංකාවේ සංචාරය කරන්න එපා කියා දාලා තියෙන සංචාරක තහනම් ඉවත් කරලා නෑ. ඒවායේ තියෙන්නේ තෙල් නැතිවේවි. පාරේ තැන් තැන්වල ගැටුම් ඇතිවේවි කියලා තමයි තියෙන්නේ. මේවා හැදුවේ කවුද. මාධ්‍ය තමයි මේවා හැදුවේ. මාධ්‍ය වගකීමෙන් කටයුතු නොකිරීම අපේ රටට ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටීම නිසා රැකියා අහිමිවීම් වැලැක්වීම සම්බන්ධයෙන් අපි කමිටුවක් පත් කරලා කටයුතු කරනවා. අලුතින් රස්සා ලබාදීම සදහාත් කටයුතු කරනවා.

ළමා ශ්‍රමය වැලැක්විමට හැකියාව ලැබෙන්නේ ළමා ශ්‍රමය ඇතිවීම වැලැක්වීම සදහා වන පසුබිම නිර්මාණය කිරීම මගිනුයි. ඒ නිසා තමයි පසුගිය මාර්තු මාසයේ ඉදලා ගෙවල්වලට සහනාධාර දුන්නේ. සහල් ලබාදුන්නා. බැංකු ගිණුමටම මුදල් ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ආහාර සුරක්ෂිතතාවය පවතින තැන් ගැන සොයා බැලුවා. ඒවාට උත්තර ලබාදුන්නා. ප්‍රජා මුළුතැන්ගෙවල් පටන් ගත්තා.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පසුගිය කාලයේදී අවධානය යොමුවුනා. දෙසැම්බර් මාසයෙන් පස්සේ රටේ කන්න නැතිවේවි කියලා සමහර විශේෂඥවරියන් මාධ්‍යයට ඇවිත් කිව්වා. ඒත් ඒ තත්යවය කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණා.

අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැළණි ගගෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ.

රටේ ව්‍යවසායකයෝ හදන්න කවුරුවත් උත්සාහ ගන්නේ නෑ. අපි හිර කරලා තියෙන්නේ. රටේ ඊපී.එෆ් ගෙවන ව්‍යාපාරිකයින් ඉන්නේ අසූ දහසයි. ආදායම් බදු ගෙවන ආයතන තියෙන්නේ දෙලක්ෂ අසූ දහසයි. අපේ රටේ මුල ඉදලා ව්‍යවාසයකත්වය ඉගැන්නුවොත් ළමා ශ්‍රමය කියන එක අයින් කරන එක අමාරු නෑ. දරුවන් විවෘතව හිතලා ඉහළට යන්න ඕන.

අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කරන්න ඕන. එහෙම විවෘතව හිතන්න බැරි නිසා තමයි කැළණි ගගෙන් ධාතු මතුවුනා කියලා කිව්වම පිළිගන්නේ. විවෘතව හිතන්න අපේ අධ්‍යාපන ක්‍රමය පුරුදු කරන්නේ නෑ.

රටේ ව්‍යවසායකයෝ හදන්න කවුරුවත් උත්සාහ ගන්නේ නෑ. අපි හිර කරලා තියෙන්නේ. රටේ ඊපී.එෆ් ගෙවන ව්‍යාපාරිකයින් ඉන්නේ අසූ දහසයි. ආදායම් බදු ගෙවන ආයතන තියෙන්නේ දෙලක්ෂ අසූ දහසයි. අපේ රටේ මුල ඉදලා ව්‍යවාසයකත්වය ඉගැන්නුවොත් ළමා ශ්‍රමය කියන එක අයින් කරන එක අමාරු නෑ. දරුවන් විවෘතව හිතලා ඉහළට යන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18