spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍යවේදීන්ට පහර දුන් විශේෂ බළකා නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක්

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුකළ පොලිස් විශේෂ බළකායේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අදාළ නිලධාරීන්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පවත්වා, විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ තර්ස්ටන් විදුහල ආසන්නයේ පිහිටි පෞද්ගලික නිවස අසල පැවති උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට ගිය මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදීන් සිව්දෙනෙක්ට පොලිසිය විසින් පහර දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?