spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාධ්‍යවේදීන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණගාටුව

අද (09) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල දී විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය හා කණගාටුව පළකරන බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය කොට්ඨාස පවසන්නේ.

කොළඹ තර්ස්ටන් විදුහල ආසන්නයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල පැවති උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට ගිය මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදීන් සිව්දෙනෙක්ට පොලිසිය විසින් පහර දී තිබුණා.

මේ අතර අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මීට පෙර සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?