මාධ්‍යවේදීන්ට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ කණගාටුව

අද (09) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල දී විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් අප්‍රසාදය හා කණගාටුව පළකරන බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය කොට්ඨාස පවසන්නේ.

කොළඹ තර්ස්ටන් විදුහල ආසන්නයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල පැවති උණුසුම් තත්ත්වය වාර්තා කිරීමට ගිය මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක මාධ්‍යවේදීන් සිව්දෙනෙක්ට පොලිසිය විසින් පහර දී තිබුණා.

මේ අතර අදාල නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මීට පෙර සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14