මාදු ගං මෝයේ සැඟවී ගිය සිසුවාගේ සිරුර සොයාගැනේ

ඊයේ (14) පස්වරුවේ අහුංගල්ල, මෝදරවත්ත මාදු ගං මෝයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුවාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සිසුවාගේ මළ සිරුර අද (15) උදෑසන ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දියේ ගිලීමෙන් සිසුවා අතුරුදන් වූ පසු අහුංගල්ල පොලිසිය සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් එක්ව ඊයේ (14) පස්වරුවේම මෙහෙයුම් ආරම්භ කළත් සිසුවාගේ සිරුර සොයාගැනීමට හැකි වූයේ නැහැ.

මෙම සිසුවා බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසට පවුලේ සමාජිකයින් සමඟ පැමිණ සිටිය දී, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බව පවසා මාදු ගං මෝයේ දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහි දී ඔහු දියනාමින් සිටින අතර තුර දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක සිසුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52