මාතලේ කාන්තාව මියගිය හේතුව එළියට

මාතලේ පොලිස් වසමේදී කාන්තාවක් මියයාමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කර තිබේ.

එහි සඳහන් වන්නේ නොවැම්බර් මස 19 වන දින අදාළ කාන්තාව සිය නිවසේ මුළුතැන්ගෙයෙහි ගෑස් ලිප දැල්වීමේදී ඇඳුමට ගිනි ඇවිලීම හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවය.

කෙසේ වෙතත් දෙසැම්බර් මස 03 වනදා මෙම කාන්තාව රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසේදී වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර සිදුකර තිබේ.

පසුව දෙසැම්බර් මස 06 වනදා අදාල කාන්තාව රෝගය උත්සන්න වීම හේතුවෙන් නැවත රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ බාහිර පිලිස්සීම් තුවාල සහ හෘදයාබාධ සංකූලතා හේතුවෙන් සිදුව ඇති හදිසි මරණයක් බවය.

මරණකාරිය පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටියදී නොවැම්බර් මස 21 වනදා මාතලේ පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරිනියක් වෙත ප්‍රකාශයක් සිදුකර ඇත.

එහි සඳහන්ව ඇත්තේ ගෑස් ලිප දැල්වූ අවස්ථාවේ ඇඳිවතට ගිනි ඇවිලුණු බවත් ගෑස් සිලින්ඩරය, රේගියුලේටරය, රබර් බටය හෝ ගෑස් ලිප පිපිරීයාමක් සිදු නොවූ බවත් ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදීද අනාවරණ වී ඇත්තේ ගෑස් සිලින්ඩරය, රේගියුලේටරය, ගෑස් බටය හෝ ලිප පිපිරී යාමක් සිදුව නොමැති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක් - එළියට ගනින් ඕකව..වරෙන් මෙහෙට
03:38
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි - එළොව යෑමට හේතුව තවමත් අභිරහසක්
00:49
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - අක්කර 16කට වඩා අළුවෙලා
01:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි - නීතියේ හැටියට මට මෙහෙම කරන්න බෑ
07:55