මාතලේ ආදී තෝමසුවන්ගේ කොළඹ ශාඛාව සංවිධානය කරන හොකී දිනය හෙට

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව (MOTA Colombo) විසින් සංවිධානය කරන “තෝමසු හොකී දිනය” හෙට (16) දින විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 වර්ෂයේ විද්‍යාලීය හොකී කණ්ඩායම් සෑම වයස් කාණ්ඩයක් යටතේම දැක්වූ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම උදෙසා සංවිධානය කර ඇති මෙම හොකී දිනය ප්‍රධාන කොටස් දෙකක් යටතේ සංවිධානය කර තිබෙනවා.

එහි මුල් භාගය පෙරවරු 8:30 සිට 11:00 දක්වා එළිමහන් විවෘත සැසියක් ලෙසත් දෙවන භාගය පෙරවරු 11:30 සිට පස්වරු 1.30 දක්වා අභ්‍යන්තර සැසියක් ලෙස පවත්වනු ලබනවා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංගමයේ හිටපු සභාපති/ වත්මන් අනුශාසක ලක්ෂ්මන් සිල්වා මහතා සහභාගී වෙයි.

මෙම හොකී දිනයට සමගාමීව විවිධ අංග සහ වැඩසටහන් සංවිධානය වී ඇති අතර, ඒ අනුව

පාසලේ ආදි ක්‍රීඩකයින් සහ STC-‘The College-Eleven’ අතර ප්‍රදර්ශන තරඟයක්
දැනුම බෙදාගැනීමේ සැසියක්
ක්‍රීඩා ඇඟලුම් සහ උපාංග බෙදා හැරීමක්
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ පෝෂණය පිළිබඳ දෙමාපියන් සහ ක්‍රීඩකයින් දැනුවත් කිරීමේ සැසියක්
විශේෂ කුසලතා දැක්වූ ක්‍රීඩකයින් සහ පරිපාලන දායකයින්ට උපහාර පිරිනැමීමේ උළෙලක් ඇතුළුව ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක් එදිනට පැවැත් වෙනවා.

1987 දී ආරම්භ කරන ලද MOTA Colombo සංගමය කොළඹ සහ ඒ අවට පදිංචි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගෙන් සමන්විත වන අතර එහි ආරම්භයේ සිට මේ දක්වා වසර ගණනාවක් පුරා විද්‍යාලයේ උන්නතිය උදෙසා වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රාශියක් පවත්වා තිබෙනවා.

ඉකුත් වර්ෂයේ විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව, MOTA Colombo විසින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් දියත් කරන ලද අතර ඒ අතරට Hi-Expo උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ 5 ‘S’ සහ නායකත්ව පුහුණු වැඩසටහන, ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහන, සංවත්සර ගීතයක් නිෂ්පාදනය කිරීම හා දැනට ක්‍රියාත්මක වන විද්‍යාලයේ පැරණි ක්‍රීඩා නැරඹුම් මණ්ඩපය නවීකරණය කිරීම ඇතුලත්.

මීට අමතරව සාමාන්‍ය වාර්ෂික ක්‍රියාකාරකම් වන ක්‍රීඩා උත්සව, තෝමියන් නයිට් සහ තෝමියන් පැදුර වැනි ක්‍රියාකාරකම් පැවැත්වීම ද සිදු කෙරුණා.

MOTA Colombo හා සම්බන්ධ වීමට කැමැත්තෙන් පසුවන ආදී තෝමසුවන්ට www.motacolombo.lk වෙබ් අඩවිය හරහා සාමාජිකත්වය සඳහා අයදුම් කළ හැකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23