වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් මාතර , වෙරළ පාරේ තිබී සොයාගෙන තිබෙනවා.
අද (28) උදෑසන මෙම නිලධාරියායේ මළ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම මළ සිරුර හමුවී ඇත්තේ වෙරළ පාරේ පිහිටි දිසා විනිසුරුවරයෙකුගේ නිවසක් ඉදිරිපිටින් බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇති පොලිස් නිලධාරියා 55 හැවිරිදි වියේ පසුවන අයෙක්.













