මාතර මුහුදේ අතුරුදන් වූ එක් සිසුවෙකුගේ සිරුර හමුවෙයි

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාගේ සිරුර මෙලෙස හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අතුරුදන් වූ අනෙක් සිසුන් දෙදෙනා සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුම් සිදු කරනවා.

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය මෙම තරුණයන් තුන් දෙනා අතුරුදන්ව තිබුණේ ඊයේ දහවල් කාලයේ යි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙක්.

ඊයේ උදෑසන මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියකට සහභාගී වීමට පැමිණ සිටියදී දිය නෑමට ගොස් තිබුණා.

වැල්ලමඩම මුහුදේ නෑමට පැමිණෙන ලෙසට මෙම සිසුන් තිදෙනා මාතර කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකුට ද දුරකතනයෙන් දැනුම් දී ඇති ඔවුන් දෙදෙනා එම ස්ථානයට එන විට පාසල් සිසුන් තිදෙනාම මුහුදේ ගසා ගෙන ආකාරය දැක එම ස්ථානයේ පිහිටි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි මෙම සිසුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්