මාතර බන්ධනාගාරයේ සියලුම දෙනාට ප්‍රතිජීවක ඖෂධ (වීඩියෝ)

මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතර පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වනවිට තවත් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි රැඳවියන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට පසුගියදා ඇතුළත් කෙරුණා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකුයි මෙලෙස ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මියගොස් ඇත්තේ මනුෂ්‍ය ඝාතන චෝදනාවකට බන්ධනාගාර ගතකර සිටි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක රැඳවියෙක්.

ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු අනෙක් රැඳවියන් අතරින් තවත් දෙදෙනෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මියගිය රැඳවියාගේ සහ ප්‍රතිකාර ලබන රැඳවියන්ගේ ජීව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා කියා සිටියා.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට මාතර බන්ධනාගාරය වෙත රැඳවියන් බාර ගැනිම හෝ සිටින රැදවියන් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගැනිමක් සිදු කරන්නේ නැහැ.

අලුතින් මාතර බන්ධනාගාරය වෙත යොමු කරන රැඳවියන් අඟුණු⁣කොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යෑමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට මාතර බන්ධනාගාරයේ සිටින සියලුම සිරකරුවන්ට, නිලධාරින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවත්, රෝගය පැතිර යාම වැළැක්විමේ ආරක්ෂාකාරි පියවරක් ලෙස රැඳවියන් බැලිම සඳහා අමුත්තන් පැමිණිම තාවකාලිකව නතර කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ වනවිට මාතර බන්ධනාගාරයේ රැඳවියන් 550 දෙනෙකු පමණ රඳවා සිටින අතර, දිවයින පුරා බන්ධනාගාරවල සිටින සමස්ත රැඳවියන් සංඛ්‍යාව 30,000කට ආසන්න වනවා.

පසුගිය කාලය පුරාම බන්ධනාගාර ආශ්‍රිතව අධික තදබදයක් පැවති අතර, කිසියම් වසංගත තත්ත්වයක් පැතිර යෑමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවලට මුහුණ දෙන්නේ පවතින අධික තදබදය හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12