මාතර බන්ධනාගාරයේ සියලුම දෙනාට ප්‍රතිජීවක ඖෂධ (වීඩියෝ)

මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතර පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වනවිට තවත් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එහි රැඳවියන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට පසුගියදා ඇතුළත් කෙරුණා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකුයි මෙලෙස ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මියගොස් ඇත්තේ මනුෂ්‍ය ඝාතන චෝදනාවකට බන්ධනාගාර ගතකර සිටි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක රැඳවියෙක්.

ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු අනෙක් රැඳවියන් අතරින් තවත් දෙදෙනෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මියගිය රැඳවියාගේ සහ ප්‍රතිකාර ලබන රැඳවියන්ගේ ජීව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා කියා සිටියා.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට මාතර බන්ධනාගාරය වෙත රැඳවියන් බාර ගැනිම හෝ සිටින රැදවියන් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගැනිමක් සිදු කරන්නේ නැහැ.

අලුතින් මාතර බන්ධනාගාරය වෙත යොමු කරන රැඳවියන් අඟුණු⁣කොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යෑමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට මාතර බන්ධනාගාරයේ සිටින සියලුම සිරකරුවන්ට, නිලධාරින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවත්, රෝගය පැතිර යාම වැළැක්විමේ ආරක්ෂාකාරි පියවරක් ලෙස රැඳවියන් බැලිම සඳහා අමුත්තන් පැමිණිම තාවකාලිකව නතර කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ වනවිට මාතර බන්ධනාගාරයේ රැඳවියන් 550 දෙනෙකු පමණ රඳවා සිටින අතර, දිවයින පුරා බන්ධනාගාරවල සිටින සමස්ත රැඳවියන් සංඛ්‍යාව 30,000කට ආසන්න වනවා.

පසුගිය කාලය පුරාම බන්ධනාගාර ආශ්‍රිතව අධික තදබදයක් පැවති අතර, කිසියම් වසංගත තත්ත්වයක් පැතිර යෑමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැඩි අපහසුතාවලට මුහුණ දෙන්නේ පවතින අධික තදබදය හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14