මාතර පාසල් තවත් දින දෙකක් වැසේ

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ලබන සඳුදා සහ අඟහරුවාදා මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යමින් පැවතීම හමුවේ මෙම තීරණය ගත් බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ආපදා සහන කටයුතු සදහා සෙබලුන් 500කට අධික යුද හමුදා බලඇණි දෙකක් අනුයුක්ත කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

61 වන බලසේනාවට අයත් සිය දෙනෙකුට අධික පිරිසක් දිවා රෑ මෙම මෙහෙයුමේ නිරත වනවා.

ආපදා සහන ක්‍රියාවලිය අතරතුර ආහාර පාන අවතැන් වූවන් සදහා සැපයීම ද සිදු කරනු ලබන්නේ යුද හමුදාව විසින්.

මේ අනුව මාලිම්බඩ අකුරැස්ස, තිහගොඩ, මාතර යන ප්‍රදේශවල ආහාර සැකසුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

යුද හමුදාවේ සන්නද්ධ රථ යොදා ගනිමින් මෙම ආහාර බෙදා දීම මෙන්ම අවතැන්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු වනවා.

මේ අතර ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත්‍රික්කවල ආපදා අවදානම සහිත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අවශ්‍ය සහාය යුද හමුදාව ලබා දෙමින් පවතින අතර එම ස්ථානවල වෛද්‍ය කණ්ඩායම් ද සූදානම් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56