මාතර නිවසකට වෙඩි ප්‍රහාරයක්

මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. අද අලුයම් කාලයේ මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් ත්‍රී රෝද රථයකට සහ මෝටර් රථයකට අලාභ හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. පොලිසිය සැක පළ කරන්නේ විදෙස්ගතව සිටින කැකනදුර නීල් නැමති පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි ප්‍රහාරය සිදු කරන්නට ඇති බවටයි.

මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් සිදු කර ඇති වෙඩි ප්‍රහාරයෙන් නිවසේ බිත්තියකට, ත්‍රී රෝද රථයට සහ මෝටර් රථයට හානි සිදුවී තිබෙනවා.

වෙඩි පහරවල් 5ක් පමණ එල්ලවී ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

2010 වසරේදී සිදු වූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාළ පාතාල සාමාජිකයාට එරෙහිව මෙම නිවසේ පදිංචිකරුවෙකු සාක්ෂි ලබාදීම වෙඩි තැබීමට හේතුව බව ද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56