මාතර ගෝඨාගෝගමට ප්‍රහාරයක් (ඡායාරූප)

මාතර නගරයේ පිහිටි ගෝඨාගෝගමට පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

රතු පැහැති ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එහි තිබූ චිත්‍ර සහ බැනර්, කටවුට් කපා දමා හානි සිදුකර ඇති අතර එම ස්ථානයේ රැඳී සිටි තරුණයෙකුට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා පන්නා දමා ඇති බවටද තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්