මාංචු වැටීමට පෙර මනූෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමන්ට අපේක්ෂිත ඇපයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 20 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

හිටපු අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මගින් ගොනු කළ ඇප අයදුම්පතක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර සේවක වැඩසටහනකට අදාළ ව පෙත්සම්කරු අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් හා E8 වීසා ගැටලුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ද නීතිඥවරු එම අප අයදුම්පත යොමු කරමින් අධිකරණය හමුවේ පැවසුවා.

පෙත්සම්කරුට හිමිව තිබූ බලතල අනුව නිල කටයුත්තක් ලෙස ඊට අත්සන් තබා ඇති නමුත් එය ඔහු පෞද්ගලිකව සිදුකළ ක්‍රියාවක් නොවන බවද නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්නා.

ඔහු සිදු කර ඇත්තේ ඇමතිවරයා වශයෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පමණක් බවත් එබැවින් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් පෙත්සම්කරුට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙසට ද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ ව සලකා බැලීම කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39