මාංචු කුට්ටම පිටින් වතුරට පැන්න සැකකරු ගොඩගන්න ගමක් එකතු වෙයි

මිල්ලනීය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළට ඊයේ (27) රාත්‍රියේ ඇතුල් වූ පුද්ගලයෙක්‌ එම වෙළඳසැලෙහි භාණ්ඩ සොරකමේ නිරත වීමේ දී වෙළඳසැල් හිමිකරුට හසු වී තිබෙනවා.

එහිදී වෙළඳසැල් හිමිකරු කෑගැසීම නිසා සොරකමේ පැමිණි පුද්ගලයා විසින් ඔහුට ආයුධයකින් පහර දී පලාගොස් ඇති බවට වාර්තා වනවා.

තුවාල ලැබූ වෙළඳසැල්හිමියා මේ වනවිට පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරමින් පවතින බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සොරකම සඳහා පැමිණි සැකකරු අද (28) උදෑසන මිල්ලනීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙතට පොලිස් යතුරුපැදියක් මඟින් රැගෙන එන අතරතුරදී ඔහු විසින් යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියාගේ ගෙලට මාංචු යුගළ යොදා ගෙල තදකර යතුරුපැදිය බිමට පෙරලා ගෙන තිබෙනවා.

ඒත් සමඟම අසළ තිබූ කිඹුලන් ගැවසෙන ගැඹුරු වතුර වලකට පැන සැකකරු පලා යාමට උත්සාහ ගත් බව පොලිසිය සඳහන් කරනවා.

නමුත් එම වතුර වල හරහා පැන යාමට නොහැකි වූ සැකකරුව පොලිස් නිලධාරීන්ගේ සහ ගම්වාසීන් එක්ව මහත් පරිශ්‍රමයකින් ගොඩබිමට ගැනීමෙන් පසු ඔහුව මිල්ලනීය පොලිසිය වෙතට රැගෙන ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56