මහ වර්ෂාවෙන් අනුරපුරයේ කුඹුරු අක්කර 6000ක් විනාසයි (වීඩියෝ)

පසුගිය දිනවල ඇදහැලුණු මහ වර්ෂාව හේතුවෙන් අනුරාධපූර දිස්ත්‍රික්කය ආශ්‍රිතව කුඹුරු අක්කර 6000කට අධික ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙන බව සමස්ථ ලංකා ගොවිජන සේවා සංගමය පවසනවා.

කෙසේ වෙතත් මේ විනාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කිසිඳු සැලකිල්ලක් නොදක්වන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

සමස්ථ ලංකා ගොවිජන සේවා සංගමයේ සාමජිකයින් අධික වර්ෂාව නිසා විනාශ වූ බසවක්කුලම සහ තිසා වැව ආශ්‍රිතව අක්කර 50කට වැඩි කුඹුරු නිරීක්ෂනය කළා.

එහිදී මෙම වගාවන් සියල්ලම සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව නිරීක්ෂනය වූ බවයි තිසා වැව මහා වාරි ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවිජන සංවිධානයේ සභාපති පවසා සිටියේ.

මීට හේතු වී ඇත්තේ තිසා වැව, බසවක්කුම වැව, බුලන් කොලේ යන වැව් තුනෙහි පැමිණ ජලය පිටවීමට ඇති ඇළ පද්ධතීන් ප්‍රමාණවත් නොවීම බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් වැව් තුනෙහි ජලය අධික ලෙස වාන් දාමා සියලුම කුඹුරු යායන් යටවී විනාශ වී තිබෙනවා.

මාස 2කට පමණ පෙර කුඹුරු අස් වද්දා වැපුරුවද අද වනවිට මෙම ප්‍රදේශ දැකගත හකි වන්නේ මුඩු බිම් ලෙසයි.

කඩිනමින් ඇළ පද්ධතීන් පිළිසකර කර සිදු වූ වගා හානීන්ට වන්දි මුදලක් ගෙවන ලෙසටයි ප්‍රදේශයේ ගොවිජනතාව ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27