මහ රෑ ගිවිසුම ගැසූ හේතු ඇමති නාමල් හෙළි කරයි

මධ්‍යම රාත්‍රියේ 12.06 ට අත්සන් කිරීමට හේතුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අනාවරණය කර තිබෙනවා.

එම ගිවිසුම අත්සන් කළේ ඉකුත් සිකුරාදා (17) මධ්‍යම රාත්‍රියේ.

දෙපාර්ශ්වයටම පහසු වේලාව

එම ගිවිසුම අත්සන් කළේ නැකතක් බලා නොව දෙපාර්ශවයටම පහසු වෙලාවක බවට පිළිතුරක් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එනිසා ලොකුගේ අමාත්‍යවරයාට පහසු වේලාවක එම ගිවිසුම සන් කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ආණ්ඩුවකට පැය 24 ම වැඩ කිරීමට හැකි නම් එය හොඳ ප්‍රවණතාවයක් බවයි සදහන් කරන්නේ.

ඒ හැරුණු කොට තවත් වැදගත් කරුණක් ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂ හෙලිදරව්ව

ඒ රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කරද්දී දෙපාර්ශ්වයටම පහසු වෙලාවක එය අත්සන් කිරීම සාමාන්‍ය දෙයක් බවයි.

ලංකාවේ රාත්‍රී 12 කියන්නේ ඇමරිකාවේ දහවල් 1 වගේ වෙලාවක් නිසා දෙපාර්ශ්වයම එකතු වෙන වෙලාවක එම ගිවිසුම අත්සන් කළ හැකි බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම රහස් හෙළි කළේ එම ගිවිසුම මධ්‍යම රාත්‍රියේ අත්සන් කිරීම පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ලැබීමට නියමිතයි.

එම ගිවිසුම මධ්‍යම රාත්‍රියේ 12.06 අත්සන් කළ ඇමරිකානු සමාගම එදිනම එළිවෙන ජාමෙට රටින් පිටමං වීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13