මහ රෑට නිවෙස්වලට රිංගා නිදන කතුන් බැලූ අය මාට්ටු

රාත්‍රි කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදා සිටින ආකාරය බලා සිටි අයකු දෙවැනි වරටත් ජූලි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ ගම්මාන 10, තඹුත්තේගම පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

සවස් කාලයේ නිවෙස්වලට රිංගා නිවැසියන් නින්දට ගිය පසු කාන්තාවන් නිදා සිටින ස්ථානයට ගොස් ඔවුන් දෙස බලා සිටීම මෙම තරුණයා විසින් කලක පටන් සිදු කරගෙන ගොස් ඇති බව පොලිසිය අධිකරණයට පැවැසීය.

තඹුත්තේගම පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනවලදී තඹුත්තේගම අවට පිහිටි අදාළ නිවෙස්වල සීසීටීවී දර්ශන මගින් මෙම පුද්ගලයා හඳුනාගෙන තිබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. අනතුරුව පොලිසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ඔහු නැවත ජූලි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
00:55
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හදවතට දැනෙන්නම දිලිත් කරපු කතාව
08:11
Video thumbnail
නීතියෙන් පැනලා යන්න හදන අයට අපි උදව් කරන්නේ නෑ
05:09
Video thumbnail
පොල්දූව මංසන්ධියට රැස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීලට බලපෑම් කළාට වැඩක් නෑ - පොහොට්ටුව සැරවෙයි
03:12
Video thumbnail
අපි ලෑස්ති වෙලා හිටියේ, අපිට එන්න එපා කියලා කිව්වා - අපිට ආත්ම ගරුත්වයක් තියනවා
02:48
Video thumbnail
අධික වර්ෂාව නිසා කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:46
Video thumbnail
ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි - භාගෙට කියවන්න එපා
20:50
Video thumbnail
ගොවියා බිම බඩගාන තත්ත්වයට පත්වෙලා - සිලෝන් ග්‍රීන් ලයිෆ් සභාපති අපේ ගොවීන්ට කොච්චර සැලකුවද ?
02:48
Video thumbnail
22ට ඡන්දේ දීලාමාලිමාවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න පුළුවන් ද..?
00:56