මහ මුහුද මැද අනතුරකින් දිවිබේරාගත් ධීවරයින් සිව්දෙනා ගොඩබිමට රැගෙන එයි

දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්ව දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා අද (31) අලුයම ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් මෙම ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වාරයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වුණේ.

ධීවරයින් 06 දෙනෙකු සමඟ බහුදින යාත්‍රාවක් පසුගිය අගෝස්තු 31 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු අතර, එම යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවටයි එහි හිමිකරු ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ ගැඹුරු මුහුදු තීරණයේ දී මෙම යාත්‍රාව අනතුරට ලක්ව තිබූ අතර, එහිදී එක් ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා.

තවත් ධීවරයෙක් දින අනතුරට ලක් වූ දින සිට දින 11කට පමණ පසුව මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු සන්නයෙන් ගමන් ගත් ඉන්දුනීසියානු යාත්‍රාවක් මඟින් බේරාගෙන තිබුණා.

අනතුරුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාව ඊයේ (30) දිනයේ පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබූ අතර, ඒ වනවිටත් වෙළෙඳ නෞකාවක් විසින් අදාළ ධීවරයින් හතරදෙනා රැගෙන එමින් තිබුණා.

අනතුර සිදුවී දින 13කට පසු අද (31) අලුයම හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර තිබෙනවා.

මේ අතර ඉන්දුනිසියානු යාත්‍රාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීර භාරගැනීමට අකමැතිවීම හේතුවෙන් එම මළ සිරුරු අතහැරදමා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි ඊ.ඩී.ආර් නවෝදන සහ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන ධීවරන් දෙදෙනා සිද්ධියෙන් මියගොස් ඇති අතර, දිවි බේරාගෙන ඇත්තේ, පෝෂිත නිමන්ත, ශානක අමිල,ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන ධීවරයින් සිව්දෙනායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37