මහ මැතිවරණයට තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ ගැන දැනුම්දීමක් (නිවේදනය)

නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව මේ වනවිට විවිධ කොට්ඨාස යටතේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ඇප මුදල් ප්‍රමාණය, තෝරාගත හැකි මන්ත්‍රීවරු සංඛ්‍යාව ආදිය පිළිබඳ ව විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාරව මෙම ඇප මුදල් අදාළ නියෝජිතයින් විසින් තැන්පත් කළ යුතු බවත්; එම වර්ගීකරණයන් හිමි ගන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22ක යටතේ ඒ ඒ ආසනවලින් තෝරා පත්කර ගත යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කරනු ලැබිය යුතු ඇප මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාළ නිවේදනය මගින් හුවා දක්වා තිබෙනවා.

වැඩිම මුදලක් හිමිව ඇත්තේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයටයි.

එය රුපියල් 44,000ක්. ඉන් පසුව කොළඹ 42,000ට සහ මහනුවර මැතිවරණ කොට්ඨාසයට ස්වාධීන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂවලින් රුපියල් 30,000ක මුදලක් ඇප ලෙස තැබිය යුතු වනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් ප්‍රමාණ ගැන නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33